මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට නිර්මාණ භාරගැනේ

    අප්‍රේල් 08, 2014
     
    2014 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට නිර්මාණ භාරගැනීම මේ දිනවලදී සිදුකෙරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    චිත්‍ර තරගය ප්‍රාථමික (අවුරුදු 5 - 6 ), පශ්චාත් ප්‍රාථමික  (අවුරුදු 7 - 9 ), කණිෂ්ඨ (අවුරුදු 10 - 12 ), ජ්‍යේෂ්ඨ (අවුරුදු 13 - 15 ), ජ්‍යේෂ්ඨ ද්විතීයක (අවුරුදු 16 - 18 ) යන අංශ පහක් යටතේ පැවැත්වේ. 
     
    එක් අයෙකුට කැමති මාතෘකාවක් යටතේ කැමති මාධ්‍යයක් භාවිත කරමින් අඟල් 18 - 14 ප්‍රමාණයේ එක් චිත්‍රයක් පමණක් ඉදිරිපත් කළ හැකිය. චිත්‍රය පිටුපස සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් නම, උපන්දිනය, 2014.04.30 වැනි දිනට වයස, තරග අංශය, පෞද්ගලික ලිපිනය, දූරකතන අංකය, ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය සඳහන් කොට තමන්ගේම චිත්‍රයක් බවට සඳහන් කොට 2014 අප්‍රේල් 30 වැනි දිනට පෙර ලේකම්, රාජ්‍ය චිත්‍ර මූර්ති අනුමණ්ඩලය, ජාතික කලාභවන, නෙළුම් පොකුණ මාවත, කොළඹ 07 ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය හැකිය.
     
    පළමු වටයේ ලැබෙන නිර්මාණ අතරින්  එක් දිස්ත්‍රික්කයකින් ළමුන් 150 දෙනෙකු වයස් කාණ්ඩ 5 යටතේ තෝරා ගන්නා අතර, ඔවුන් දෙවැනි වටයට යොමු කෙරේ. දෙවැනි වටයට තෝරාගනු ලබන්නන් ඒ ඒ දිස්ත්‍රික්කවල චිත්‍ර වැඩමුළු පවත්වා අවසානයේ දී චිත්‍ර නිර්මාණයට අවස්ථාව ලබාදෙන අතර එදින නිර්මාණය කරනු ලබන චිත්‍ර අතරින් තෝරාගනු ලබන නිර්මාණ 2014 රාජ්‍ය චිත්‍ර උළෙල සඳහා ඉදිරිපත් කෙරේ.
     
    රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේදී එක් වයස් කාණ්ඩයකින් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන, සම්මාන 10ක් හා කුසලතා සම්මාන 10 බැගින් තෝරා සහතිකපත් හා පදක්කම් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ප්‍රථම වටයේ ජයග්‍රහණය කරනු ලබන තරගකරුවන්ටද සහතිකපත් ප්‍රදානය කෙරේ. 
     
    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0113188873 දූරකතන අංකයෙන් ලබාගත හැකිය.
    2014 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය චිත්‍ර හා මූර්ති අනුමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya