අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නල්ලූර් අවසන් පූජාව දින බැතිමතුන් වෙනුවෙන් දන්සැලක්

    අගෝස්තු 25, 2014
    හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම වාර්ෂික ආගමික උත්සවයක් වන යාපනය, නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති දේව මංගල්‍යය ඊයේ (24) අවසන් විය.

    එම අවසාන දින මහා පූජාවට සහභාගි වූ පිරිස් වෙනුවෙන් විශේෂයෙන් පිළියෙල කරන ලද එළවළු සහිත ආහාර පාර්සල් 15000ක් බෙදා දීම යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 51 වැනි සේනාංකයේ අනුග්‍රහයෙන් සංවිධානය කොට තිබුණි.
     
    ඊයේ උදෑසන 10.30 සිට සන්ධ්‍යාව දක්වා පූජාවට සහභාගි වූ බැතිමතුන් වෙනුවෙන් මෙම ආහාර පාර්සල් බෙදා දීම සිදු විය. පුරා මාසයකට ආසන්න කාලයක් පැවති පූජා කටයුතු වෙනුවෙන් දේශීය විදේශීය හින්දු බැතිමතුන් ලක්ෂයකට අධික පිරිසක් එක් ව සිටියහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya