මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඟුරන්කෙත ඓතිහාසික ශී‍්‍ර මහා විෂ්ණු දේවාලයේ ඇසළ පෙරහැර

    අගෝස්තු 21, 2014
    හඟුරන්කෙත ඓතිහාසික ශී‍්‍ර මහා විෂ්ණු දේවාලයේ ඇසළ පෙරහැර මෙම මස 25 වන දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා වීථි සංචාරය කෙරේ. 
    ඒ නිමිත්තෙන් 24 වන දින සර්ව රාත්‍රි පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර, පසුදා මහා සංඝරත්නය කෙරෙහි හීල් දානය පිරිනැමීම සිදුකෙරේ.
     
    25 වන දින රාතී‍්‍ර 7.10 ට යෙදෙන සුභ මොහොතින් ඇතුල් පෙරහැර වීථී සංචාරය කිරීමෙන් පෙරහැර ආරම්භ කෙරෙන අතර, අගෝස්තු මස 30 වන දින දක්වා දිනපතා වීථී සංචාරය කෙරේ.
     
    අගෝස්තු 31 කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ කෙරෙන අතර, එය සැප්තැම්බර් මස 04 වන දින දක්වා පැවැත්වේ.
     
    රන්දෝලි පෙරහැර සැප්තැම්බර් මස 05 සිට වීථි සංචාරය කෙරෙන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර සැප්තැම්බර් මස 09 වීථි සංචාරය කෙරේ.

     දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර සැප්තැම්බර් මස 10 සිදුකෙරේ.
     
    හඟුරන්කෙත ඓතිහාසික ශී‍්‍ර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස අභීත රත්නායක මහතා කටයුතු කරන අතර, හෙතෙම 10 වන බස්නායක නිලමේ වරයාවේ.

     කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අභීත රත්නායක මහතා විද්‍යාලයේ බෞද්ධ සංගමයේ හිටපු සභාපතිවරයෙකි. මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර, එහි අන්තර් ජාතික සිසුන් පිළිබඳ  සංගමයේ උප සභාපතිත්වයද දරා ඇත. හෙතෙම නුවරඑළිය දිස්ති‍්‍රක් එල්ලේ සංගමයේ සභාපති ලෙසද කටයුතු කරයි.

    පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ දෙටු පුත‍්‍රයා වන  අභීත රත්නායක මහතා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කරයි. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya