අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රුවන්පුර ධර්ම යාත්‍රාව" දියත් කෙරේ

    අප්‍රේල් 06, 2014

    රට තුළ ඇතිවෙමින් පවතින ආර්ථික සංවර්ධන ප්‍රබෝධයද සමඟ සාරධර්ම පිරි සමාජයක් බිහිකිරීමේ අභියෝගය අප සැම දෙනා වෙත පැවරී ඇති පුළුල් සමාජ වගකීමකි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය වන්නේ රට තුළ භෞතික වශයෙන් පවතින සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව  සමාජය තුළ යහපත් මිනිසුන් බිහි කිරීමේ ක්‍රියාවලියද සක්‍රීය කිරීමය.


    සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීම දවසෙන්, දෙකෙන්, මාසයකින්, වසරකින් ක්‍රියාවට නැගිය හැකි කාර්යයක් නොව, එය සමස්ත සමාජය තුළ ක්‍රමිකව වර්ධනය කළයුතු දීර්ඝකාලීන ක්‍රියාවලියකි.


    රටක යහපත් මිනිසුන් බිහි කිරීමේ කාර්යභාරය නිරන්තරයෙන් රජයකට, ආණ්ඩුවකට තනිවම කළ හැකි දෙයක්ද නොවේ. එය සියලු පුරවැසියන්ගේ යුතුකමකි. සමස්ත සමාජ දේහයම එම යුතුකම ඉටුකිරීමට බැඳී සිටී. මෙහිදී එහි නියමු කාර්යභාරය පැවරී ඇත්තේ ආගමික පාර්ශයවන් වෙතය. එවැනි සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීම උදෙසා සිය ජීවි‍තයේ වැඩි කොටසක්  වෙන්කළ චරිත ඇත්නම් ඒ ස්වල්පයකි. එවැනි නායකයෙකු වන දිවංගත, ධර්මදාස වන්නිආරච්චි මැතිතුමා අපට යළිත් සිහිපත් වන්නේ‍, ඔහු  එදවස සාර සමාජයක් බිහිකිරීමට කළ කැප කිරීම්,මේ වර්තමානයටද කෙතරම් ගෝචර දැයි අපට යළි යළිත් දැනෙමින් තිබෙන නිසාය.


    ධර්මදාස වන්නිආරච්චි මැතිඳුන් ගෙනගිය සාරසමාජ සංකල්පය යළි සක්‍රීය කළයුතු කාලය එළඹ ඇති බව අප යළිදු සිහිපත් කරන්නේ එබැවිණි. ඒ සඳහා  වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මගපෙන්වීම මත "ධර්මදාස වන්නිආරච්චි බොදු සංසදය" ප්‍රධාන වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රැසක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

     

    ඉන් ප්‍රධාන වැඩසටහන ලෙස "රුවන්පුර ධර්ම යාත්‍රා" වැඩසටහන මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස අට (රත්නපුර, කලවාන,නිවිතිගල, ඇහැලියගොඩ, රක්වාන, කොලොන්න , බලංගොඩ, පැල්මඩුල්ල) ආවරණය වන පරිදි විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ධර්ම දේශන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු ධර්ම දේශනය ඊයේ (05) ප.ව. 7.00 ට, විචිත්‍ර ධර්ම කථික, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණෝ විසින් ඇහැළියගොඩ, පොහොරබාව විහාරස්ථානයේදී ‍පවත්වනු ලැබූහ.


    මෙම ධර්ම දේශනා පින්කම් මාලාව සඳහා සහභාගීවන ලෙස, ප්‍රදේශවාසී සැදැහැවත් බෞද්ධ සැමට  "ධර්මදාස වන්නිආරච්චි බොදු සංසදය" මගින් ආරාධනය කර සිටී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya