අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාභූෂණ සම්මානයට අයදුම්පත් භාරගැනේ

    අප්‍රේල් 03, 2014
    ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කර වයස අවුරුදු 60 ඉක්මවා දැනට ජීවිතයේ සැදෑ සමය ගතකරමින් සිටින කලාකරුවන්ගේ සේවය අගයන කලාභූෂණ සම්මාන පිරිනැමීමට සුදුසු අයදුම්කරුවන්ගෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ දිනවලදී අයදුම්පත් කැඳවනු ලැබේ.
     
    කලාභූෂණ සම්මාන සඳහා ලේඛකයන්, පාරම්පරික චිත්‍ර, මූර්ති, කැටයම්, ලාක්ෂා, වියමන්, රූකඩ, නර්තන, බෙරවාදන, සංගීත ශිල්පීන් හා ජන කලාකරුවන් ඇතුළු සියළුම කලා ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන කලාකරුවන් ප්‍රාදේශීය මට්ටමින් තෝරාගැනීමට නියමිතය.
     
    මේ සඳහා වයස අවුරුදු 60 ඉක්මවූ සුදුසුකම් ලත් කලාකරුවන් හට පමණක් ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැක. 
     
    2013 වසරේ කලාභූෂණ සම්මාන සඳහා ඉල්ලුම් කළ අයදුම්කරුවන් නැවත 2014 වසරේ දී ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. 
     
    අයදුම්පත් භාරගැනීම ලබන මැයි 15වන දිනෙන් අවසන් වන අතර මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 011-2872031 දුරකතන අංකය ඔස්සේ විමසිය හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya