අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැප්. 08දා

    සැප්තැම්බර් 04, 2016
    ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය තම නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක ලේඛිකාවන් අගය කරමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනමන 2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැප්: 08දා පස්වරු 3.00 ට කොළඹ 07 , බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    59 වන වරට පැවැත්වෙන මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2015 වර්ෂයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ලියා පළකරන ලද විශිෂ්ටතම නවකතාව, කෙටිකතා සංග්‍රහය, පද්‍ය සංග්‍රහය, ගී පද මාලා සංග්‍රහය, නාට්‍ය කෘති , යොවුන් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති ,විද්‍යා ප්‍රබන්ධ කෘති , විවිධ විෂය ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති  සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.
     
    මීට අමතරව ශ්‍රී ලාංකේය සාහිත්‍යය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ පණ්ඩිත සිරි තිලකසිරි මහතා, ආචාර්ය එස්. ජෙබනේෂන් අගරදගුරු හිමිපාණන් හා මහාචාර්ය මර්ලින් පීරිස් යන ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීහු තිදෙනා ජීවිතයේ එක්වරක් පමණක් ප්‍රදානය කරනු ලබන “සාහිත්‍යරත්න“ ගෞරව සම්මානයෙන්  පිදුම් ලබති. එසේම මෙම උත්සව‍යේ දී ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගේ ලිපි ඇතුලත් “සාහිත්‍යය - විශේෂ කලාපය” එළි දැක්වීමටද නියමිතය.
     
    මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහත්වරු ඇතුලු මැති ඇමතිවරුන් හා කලාකරුවන්, සාහිත්‍යවේදීන් රැසක් සහභාගීවීමට නියමිතය. 
     
    2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා  රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය මගින් සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya