අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ආගමික සහජීවන දහම් පාසල් වැඩසටහන අද

    අගෝස්තු 12, 2016
    ලාංකීය දරු දැරියන්ගේ ආගමික සහජීවනය වර්ධනය කිරීම සහ එම ආගම්වල සංස්කෘතිකාංගයන් පිළිබද දැනුවත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන මහනුවර දිස්ත්‍රික්කයේ ආගමික සහජීවන දහම් පාසල් වැඩසටහන අද ප.ව. 3.00 ට මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
    ඒ අනුව අද සමාරම්භක උත්සවයෙන් පසු 2016.08. 13 සහ 14 යන දෙදින පුරා මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
     
    මෙම වැඩසටහනේදී සියළු ආගම්වල සංස්කෘතිකාංග පිළිබදව දැනුම්වත් කිරීම, සංස්කෘතිකාංග හුවමාරු කර ගැනීම සහ සංස්කෘතිකාංග පිළිබද නිසි අවබෝධයක් ලබාදීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.
     
    මෙම වැඩසටහනේ  සමාරම්භක උත්සවය සදහා බුද්ධ ශාසන හා අධිකරණ නියෝජ්‍ය  අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරින් රැසක්ද සහභාගී වීමට නියමිතය.
     
    බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදෙස් පරිදි  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව, සහ මුස්ලිම්  ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකබාද්ධව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya