මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන්පුරය සදහා තරුණ තරුණියෝ 200 ක් කෑගල්ලෙන්

    මාර්තු 16, 2016
    ජාතික තරුණ සේවා සභාව සිදු කරන නොයෙක් ක්‍රියාකාරකම් තුලින් තරුණයා තුල පෞරුෂත්වයක් ඇති වෙනවාසේම ඒ තුලින් රටට දැයට ආදරය කරන පුද්ගලයෙකු බිහිවෙනවා.ජීවිතයේ බාධක කම්කටොලු ජය ගැනීමේ දී මෙවැනි වැඩ සටහන් මහෝපකාරි වෙනවා යයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ  පසුගිය දින කෑගල්ල දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලයේ දී යොවුන්පුරය සදහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සහභාගි වන තරුණ තරුණියන් අමතමිනි.
     
    මෙවර සීගිරිය,කිඹිස්ස ගුවන් හමුදා භූමියේ දී මෙම මස 30 වන දින සිට ලබන මස 3 වන දින දක්වා  පැවැත්වෙන  මෙම යොවුන්පුරය සදහා  තරුණ තරුණියෝ 200 ක් දෙනා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සහභාගි වෙති.
     
    තරුණයෙක් වූ පලියට ජවය තිබු පලියට එය තාරුණ්‍යය නොවෙයි.ඇතැම් තරුණයන්ගේ කටයුතු පිළිබදව ඇසීමේ දී සමහර අවස්ථාවල කණගාටුදායක වෙනවා. ජීවිතය ජයගැනීම සදහා පෞරුෂය වැදගත් වෙනවා.එය වර්ධනය කර ගැනීම යොවුන්පුරය වැනි මෙවැනි වැඩ සටහන් තුලින් හැකි වෙනවා යයි ද  වනසූරිය මහතා මෙහිදී තවදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ කෑගල්ල දිස්ත්‍රික් කාර්ය්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සුජීව සමරතුංග මහතා ඇතුළු නිළධාරීහු ද සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya