මේ රටේ සියලුම පද්ධතීන් පාලකයන්ගේ ආරක්ෂාවට, ඔවුන්ට අවශ්‍ය විදිහට වෙනස් කර තිබූ බවත් , රජය ක්‍රමාණුකූලව පද්ධති සියල්ල ජනතාවට සේවාවක් කරන තැනට වෙනස් කරමින් යන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අම්පාර ප්‍රදේශයේ පැවති කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය -
ඔබ අහලා බලන්න පසුගිය මාස පහ තුළ අපේ මන්ත්‍රීවරුන්ගෙන් එක දුරකථන ඇමතුමක් ආවද කියලා, රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලීසියට මේක කරන්න එපා, මෙහෙම කරන්න කියලා බලපෑම් කරලා. එහෙම වෙලා නෑ. අපි ඒ සංස්කෘතිය වෙනස් කරලා තියෙන්නේ. දැන් රටේ සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වෙනවා. ජනතාවට දැනෙන්න පටන් අරන් අපේ රටට නීතියක් තියෙනවා කියලා. මේ විදිහට ක්‍රමානුකූලව රටේ සියලුම සේවාවන් නිවැරදි පැත්තට හරවමින් යන්නේ.
මේ රටේ තිබුණ සියලුම පද්ධතීන්, හරවලා තිබුණේ පාලකයන්ගේ ආරක්ෂාවට, පාලකයන්ට ඕන විදිහට වැඩ කරන්න. අද අපි ක්‍රමාණුකූලව මේ පද්ධතිය ජනතාවගේ ආරක්ෂාවට, ජනතාවට සේවාවක් කරන තැනට වෙනස් කරමින් යනවා.
මේක පැය විසිහතරෙන් සීයයට සීයක් හදන්න බැහැ. ඒකට කාලයක් යනවා. අවුරුදු ගණනක් මේ රටේ ජනතාව පුරුදු වුණ ක්‍රමයක් තියෙනවා. මේක වෙනස් වෙන්න ඕනේ. මිනිස්සු එක දවසෙන් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනස් වීමට අවශ්‍ය නායකත්වය, මග පෙන්වීම, ආදර්ශය අපි ලබා දෙමින් තිබෙනවා. ඒ නිසා අපිට විශ්වාසයි මේ රට හරි දිශාවට හරවන්න පුළුවන් කියලා.
අද අපි පොඩි හරි වැරැද්දක් කියන කොට, පොඩි හරි වැරැද්දක් කරන කොට විපක්ෂයෙන් ලොකු සද්දයක් ඇහෙනවා. අපි කැමතියි ඒකට. මිනිස්සු බලාපොරොත්තු වුණේ මෙි දේශපාලන සංස්කෘතියටයි.
මෙච්චර කාලයක් තීන්දු තීරණ ගන්න මැළි වුණ, කොන් වුණ පිරිස දැන් ආපහු එලියට එන්න පටන් අරගෙන තියනවා.
අපි එකතු වෙලා, කතා කරලා සහෝදරියන්ගේ ගෙවල් වල පොඩි පොඩි කණ්ඩායම් හැටියට එකතු වෙලා, කිලෝමීටර් ගනන් ඇවිදලා, කඳුළු ගෑස් පාරවල් වැදිලා, ජල ප්‍රහාර වැදිලා අමිහිරි අත්දැකීම් ගොඩාක් එක්කයි මෙතනට ඇවිත් ඉන්නේ. ඒ නිසා ඔබ සෑම දෙනෙක්ම මේ ජයග්‍රහණයේ කොටස්කරුවන්.
මෙච්චර කාලයක් අපි ප්‍රතිපත්ති ගැන කථා කළා. ඒත් ක්‍රියාත්මක කරන්න බලයක් තිබුණේ නෑ. ඒ බලය දැන් අපිට ලැබිලා තියනවා. ඒ සමග අපේ ප්‍රතිපත්ති එකින් එක ක්‍රමානුකූලව අපිට මේ රටේ කරන්න පුලුවන් වෙලා තියනවා.
අපේ රජයේ පළමු අයවැයෙන් ඉදිරි මාස අටක සැලැස්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ තුළින් රට ගෙනියන්න ඕන නිවැරදි දිශාවට අඩිතාලම දාන්න අපි කටයුතු කරමින් යනවා. වසර ගණනාවක් බැට කාපු අපේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි අපේ පළවෙනි අභියෝගය වුණේ. තාම අපි ආර්ථික අර්බුධයෙන් එළියට ආවේ නැහැ. නමුත් අපි පුළුවන් හැම මොහොතෙම ජනතාවට සහන දෙන්න ප්‍රතිලාභ දෙන්න කටයුතු කරමින් යනවා.
මේ රටේ රාජ්‍ය සේවය දේශපාලනය විසින් කඩා වට්ටලා තිබුණේ. අද ඒ සේවයට ගෞරවයක් ඇතිවන පරිසරය හදලා, ස්වාධිනව වැඩ කරන්න පරිසරය හදලා මෙවර අයවැයෙන් වැටුප් වැඩි කිරීමටත් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ ඇතුළු මහජන නියෝජිතයින්, පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.