නොවැම්බර් 15, 2018

tami eng youtube google twitter facebook

    ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීවගුණය උදෙසා දූෂණය පිටුදැකීම

    අගෝස්තු 17, 2018

    වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේමස 17 වැනිදාට වසර තුනක් සම්පූර්ණ වෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය යළි ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා වත්මන් රජය විසින් පසුගිය වසර තුනක කාලය තුළ ක‍්‍රියාත්මක කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිස්ථාපන වැඩපිළිවෙළ පිළිබඳ අප මේ අවස්ථාවේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙය කදිම අවස්ථාවක් බවට පත් කර ගත හැකියි.


    අපට මෙම ප‍්‍රතිස්ථාපන වැඩපිළිවෙල කොටස් කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකියිදූෂණ විරෝධය සහ  යහපාලන ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරකම්, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම හා දේශපාලන සංහිඳියාව ගොඩනැඟීම යන ත‍්‍රිත්වයයි.


    මෙහිදී මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳ ප‍්‍රබල විරෝධයක් හා කලකිරීමක් නිර්මාණය වීම කෙරෙහි ප‍්‍රමුඛ කරුණක් වූ දූෂණ විරෝධී ක‍්‍රියාකාරකම් පිළිබඳ අප අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීව ගුණය සුරක්ෂිත කර ගැනීම සඳහා දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන නිසයි. දූෂණ විරෝධී සහ යහපාලන ප‍්‍රවර්ධන වැඩ පිළිවෙලක‍්‍රියාත්මක කිරීමේදී  ප‍්‍රමුඛ අංශ කිහිපයක් වෙත රජයේ අවධානය යොමු වුණා.

    * ඒකාධිපතීත්වය දුරු කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කඩිනමින් ගෙන ඒම සහ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම.
    * කොමිෂන් සභා ස්වාධීන කිරීම.
    * පසුගිය සමයේ සිදු වූ බරපත, දූෂණයන් පිළිබඳ විමර්ෂණය කිරීම සඳහා විශේෂ බලැති අධිකරණයක් පිහිටුවීම.
    * තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කිරීම.
    * ජාතික විගණන පනත සම්මත කිරීම. 

    වත්මන් රජය බලයට පත් වූ විගස 2015 ජනවාරි 21 වැනි දා පොදුජන මතයට ගරු කිරීමක් වශයෙන් ‘‘දූෂණ විරෝධී කමිටුව’’ නමින් පුළුල් සහභාගීත්වයක් සහිත කමිටුවක් පත් කිරීමට පියවර ගත්තා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල සේම ජනතා විමුක්ති පෙරමුණ (අනුර කුමාර දිසානායක)දෙමළ ජාතික සන්ධානය (ආර්. සම්බන්ධන් සහ එම්.ඒ. සුමන්තිරන්) ආදි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සේම දූෂණ විරෝධී ව්‍යාපාරයේ ප‍්‍රකට නීතිඥවරයෙකු වූ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ද මේ කමිටුවට ඇතුළත් වුණා. පසුගිය ආණ්ඩු සමයේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැවැති අධි සංකීර්ණ හා දැවැන්ත තත්ත්වය තුළ  ආණ්ඩුව විසින් දූෂණ මර්ධනය සඳහා කෙටි කාලීන හා දිගු කාලීන පියවර රැසක් ක‍්‍රියාත්මක කළා .ඒ අතර කෙටි කාලීන පියවර වශයෙන් ක‍්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ආණ්ඩුව පියවර ගත්තා.


    * ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බෙදා හැරීම සඳහා ගෙනැවිත් ඒ වන විට ගබඩා කර තිබූ භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒවා හෙළිදරව් කිරීම.

    * ඉඩම්, චංචල හා නිශ්චල දේපොළ දූෂිත ලෙස අත්පත් කර ගැනීම පිළිබඳව සොයා බලා ඒවා හෙළිදරව් කිරීම.  

    * සේවක අර්ථ සාධක අරමුදල*, කොටස් වෙළෙඳපොළ වංචා හා දූෂණ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීම.
    * මහා පරිමාණ දූෂණයන්ට වගකිව යුතු ජාවාරම්කරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයින්ගේ වත්කම් මා බැරකම් පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගැනීම.

    මෙම කොටි කාලීන ක‍්‍රියාමාර්ග තුළින් පසුගිය ආණ්ඩුවේ බලය අයුතු ලෙස භාවිත කරමින් දැවැන්ත ලෙස දූෂණ හා වංචා කළ ප‍්‍රබලයින් රැසක් විධිමත් නෛතික ක‍්‍රියාවලියක් හරහා අධිකරණය වෙත රැගෙන ඒමට  ආණ්ඩුවට හැකියාව ලැබුණා.

    දිගු කාලීන ක‍්‍රියාමාර්ග

    දූෂණ මර්ධන හා යහපාලන ප‍්‍රවර්ධනයේදී ආණ්ඩුව විසින් ගත් දිගු කාලීන ක‍්‍රියමාර්ග ප‍්‍රධාන තේමා පහක් මගින් ප‍්‍රකාශයට පත් වුණා.ඒවා නම්,  වංචනික ලෙස ශ‍්‍රී ලංකාවෙන් පිට කරන ලද මුදල් පිළිබඳව සොයා බලා ඒවා අත්පත් කර ගැනීම සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය නෛතික හා අයතිනක පියවර ගැනීම.

    * වඩාත් ශක්තිමත් අල්ලස් හා දූෂණ කොමිසමක් හඳුන්වාදීම.
    * ජාතික ප‍්‍රසම්පාදන කොමිසමක් පත් කිරීම හා එමගින් සියලූම ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාදීම,
    * ජාතික විගණන පනත ක‍්‍රියාත්මක කිරීම.
    * ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක
    කිරීම.

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය

    පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබලයින්ගේ සහ හවුල්කරුවන්ගේ දැඩි විවේචනයට හා වෛරයට ලක් වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම සඳහා මූලික අනුමැතිය හිමි වුණේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2015 පෙබරවාරි 11 වැනි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ‘‘පසුගිය රජය සමයේ ක‍්‍රියාත්මක වූ මහා පරිමාණ දූෂණ වංචා කටයුතු විමර්ශනය කිරීම සහ ඒවාට වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා සහ අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස පත් කරන ලද දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස’’ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබීම සමගයි. ඒ අනුව පොලිස්පතිවරයා විසින් පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය යටතේ ඔහුට පැවරී ඇති බලතල භාවිත කරමින් ‘‘මූල්‍ය පරීක්ෂණ කොට්ඨාශයක් ස්ථාපනය කිරීම සඳහා 2015 පෙබරවාරි 13 වැනි දින අංක 1901 /20 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීමට රජය පියවර ගත්තා. මේ වන විට මෙම කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශන රැසක අවසන් වාර්තා අදාළ පියවර ගැනීම සඳහා ඒ ඒ අංශ වෙත යොමුකර තිබෙනවා.

    මෙම විමර්ශන සඳහා අවශ්‍ය නෛතික රාමුවක් නිර්මාණය කිරීමට කල්ගත වීම, නිලධාරී හා සම්පත් හිඟය  මෙන්ම අදාළ විමර්ශන සඳහා දිගින් දිගටම සිදුවන විවිධාකාර දේශපාලන හා අනියම් බලපෑම් හමුවේ වුවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් දූෂණ මර්ධනය සඳහා ප‍්‍රශස්ත සේවයක් සිදුකර තිබෙනවා. බරපතළ දූෂණ චෝදනා විමර්ශන ජනාධිපති කොමිසම මෙය ද දූෂණයෙන් තොර රටක් බිහි කිරීම සඳහා වත්මන් රජය විසින් ගත් වඩාත් ප‍්‍රශස්ත පියවරක් වශයෙන් සැලකිය හැකියි. දේශපාලන අගතිගාමීත්වයකින් තොරව චෝදනා විමර්ශනය කිරීම අරමුණු කර ගනිමින් පත්කළ මෙම කොමිසමට එරෙහිව විපක්ෂය වෙතින් දැවැන්ත විරෝධයක් එල්ල වුවත් කොමිසම මගින් ප‍්‍රශස්ත සේවයක් සිදු වූ බවට පිළිගැනීමක් තිබෙනවා. 

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2015 මාර්තු 06 වැනිදා අංක 1904/57 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පරීක්ෂණ කොමිසන් සභා පනතෙහි (393 වන අධිකාරය) 2වන වගන්තියේ
     ප‍්‍රකාරව මෙම කොමිසන් සභාව පිහිටුවීමට පියවර ගත්තා. මෙම ගැසට් පත‍්‍රය අනුව පහත සඳහන් කරුණු විමර්ශනය කර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදිය යුතු බවට නිර්දේශ කර තිබුණා. පසුගිය කාලය තුළ මෙම කොමිසම විසින් සිදුකරන ලද විමර්ශන වාර්තා රැසක් මේ වන විට ජනාධිපතිවරයා වෙත අදාළ
    ඉදිරි පියවර ගැනීම සඳහා යොමු කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීම පසුගිය ආණ්ඩු සමයේ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අන්ත දූෂිත ආකාරයෙන් රාජ්‍ය සම්පත් හා බලය අවභාවිත කරමින් දූෂණයේ යෙදීමට අල්ලසට හෝ දූෂණයට එරෙහිව පැවැති ආයතන ව්‍යුහයන් තුළ පැවැති දුර්වලතා සහ පක්ෂපාතීත්වය ප‍්‍රබල හේතුවක් වුණා.


    ඒ තත්ත්වය තුළ නිර්භයව හා අසීමිතව දූෂණයේ යෙදීමට දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්වවලට පහසු අවස්ථාවක් උදා වුණා. ඒ තත්ත්වය තුළ සිදු වූ ප‍්‍රමුඛ කරුණ වූයේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය දැවැන්ත පරිහාණියකට ලක්වීමයි. මේ හානිදායක තත්ත්වය වහාම පාලනය කිරීම සඳහා වත්මන් රජය විසින්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව ශක්තිමත් කිරීමට පියවර ගත්තා. ඒ මගින් දේශපාලන හෝ වෙනත් අගතිගාමීත්වයකින් තොරව පරීක්ෂණ පැවැත්වීමේ පරිසරයක් කොමිසමට හිමිවුණා. විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම
    පසුගිය කාලය පුරා සිදු වූ වංචා, දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු විවිධ ප‍්‍රායෝගික හා තාක්ෂණික දුර්වලතා හේතුවෙන් සැලකිය යුතු ප‍්‍රමාදයකට ලක්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ
    හිටපු රජයේ ප‍්‍රබලයින් විශාල පිරිසක් මේ දක්වා සාක්ෂි ලබාදීමටවත් අධිකරණයක් වෙත (හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ටිරාන් අලස් ඇතුළු,,නොපැමිණීම සුලභ  තත්ත්වයක් බවට පත්ව තිබෙනවා*. මේ තත්ත්වය හමුවේ 2015 ජනවාරි 08 ආණ්ඩු පෙර පදනම ක‍්‍රමිකව ඛාදනය  වෙමින් යළි දූෂිත පවුල් පාලනයක් සඳහා වන පදනම ශක්තිමත් වෙමින් පවතින බවට ප‍්‍රබල චෝදනාවක්  තිබෙනවා.

    මේ නඩු පමාව හා කල් යාම සඳහා රජය විසින් පසුගිය දා ‘‘විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණ’’ පිහිටුවීම සඳහා වන පනත සම්මත කර ගත් අතර ඒ සඳහා වන උසාවි පිහිටුවීම මේ වන විට සිදු වෙමින්  තිබෙනවා, රජය ප‍්‍රකාශ කරන්නේ මේ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම සමග නඩු පමාව සම්පූර්ණයෙන් අවසන් වනු ඇති බවයි. ඉහත සඳහන් කළ කරුණු අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීව ගුණය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන දූෂණය පිටුදැකීම සඳහා වත්මන් රජය විසින් පසුගියතෙවසර තුළ ගෙන ඇති විධිමත් පියවර පිළිතිබඳ පැහැදිලි අවබෝධයක් අපට ලබාගත හැකියි. එහිදී ‘‘කෝ හොරු ඇල්ලූවද ?’’ යන දූෂිතයින් විසින් අසන ප‍්‍රශ්නයට පිළිතිතුරක් වශයෙන් සඳහන් කළ යුත්තේ වත්මන් රජය විසින් අදාළ විමර්ශන කටයුතු සිදුකරන ආයතනවලට ස්වාධීනව ක‍්‍රියාත්මක වීමට ලබාදී ඇති අවකාශය යටතේ මේ 

       
       

    සියලූ කටයුතු සිදුවන බවයි.

    තුෂාල් විතානගේ

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu