තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • SocialShare:

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 - 60ත් අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ පිළිබඳව සිය අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.