දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා පානදුර පදිංචි ඉඩම් හිමි වැවිලිකරුවකු වන එම්. ඩබ්ලිව්. පීරිස් මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන පහක මූල්ය පරිත්යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත එම්. ඩබ්ලිව්. පීරිස් මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.


