ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.
එහි පළමු වැඩසටහන අද(02) ගාල්ලෙන් ආරම්භ වූ අතර, Star Garments මුල්‍ය දායකත්වයෙන් ගාල්ල තල්පෙ දුම්රිය ස්ථානය නවීකරණය කිරීම ඇරඹිණී.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ධිවර සහා ජලජ සමිපත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, COPE කමීටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, දුම්රිය සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ලලිත් ලක්මීන සමරසේකර ඇතුලු පිරිසක් සහභාගි විය.


