"Clean Sri Lanka" වැඩසටහන මානුෂියත්වය ප්‍රමුඛ කරගෙන සිදුකළ යුතු ව්‍යාපෘතියක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"Clean Sri Lanka" වැඩසටහන මානුෂියත්වය ප්‍රමුඛ කරගෙන සිදුකළ යුතු ව්‍යාපෘතියක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

වත්මන් ආණ්ඩුව ආරම්භ කළ "Clean Sri lanka" වැඩසටහන මානුෂීය අරමුණු පෙරදැරි කරගෙන කළයුතු සංකීර්ණ වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් ඊයේ (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අගමැතිතුමිය මේ බව සදහන් කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සඳහා ඉඩමක් වෙන් කර ගැනීම, පළාත් පාලන ආයතනවල ඉදිරි සංවර්ධන සැලැස්ම, ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් සහ Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනිණ. මහරගම සහ කැස්බෑව අතර සීමාවේ පවතින කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටළු විසඳාගැනීම, කොළඹ ප්‍රධාන බස්නැවතුම්පොළ තුළ පවතින අපිරිසිදු බව කඩිනමින් ඉවත්කිරීම සහ සීතාවක නිරිපොළ වෙල්යායට අනාරක්ෂිත ලෙස කසල බැහැර කිරීම නතර කිරීම ඇතුළු කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

"ජනතාව කාලයක සිට මුහුණ දුන් ගැටළු හේතුවෙන් ඔවුන් බලාපොරොත්තු වූ පරිවර්ථනය වෙනුවෙන් පසු ගිය මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළා. රජයක් ලෙස අපිට වගකීමක් තිබෙනවා ජනතාව බලාපොරොත්තු වූ වෙනස වෙනුවෙන් කටයුතු කරන්න. Clean Sri Lanka වැඩසටහන පරිසරය පිරිසිදු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් නෙමෙයි. හැසිරීම සහ මානුෂිය සබඳතාවල ගුණාත්මකභාවය ඇති කිරීමත් අවශ්‍යයි. Clean Sri Lanka තුලින් බලාපොරොත්තු වෙන්නේ සියළු අංශයන්ගේ ප්‍රතිසංවිධානය කිරීමක්. ඒ සඳහා ජනතාව තුළ සංවාදයක් ඇතිවිය යුතුයි. ඔබ සිටින තැන ඔබෙන් ඉටුවිය යුතු වෙනස මොකක්ද කියලා ඔබම තීරණය කරන්න. ජනතාවට සංවේදීව, ගුණාත්මක සේවාවක් ලබා දෙන්න. ජනතාව සේවාව ගැන සෑහීමකට පත් වෙන එකයි වැදගත්. මේක චක්‍ර ලේඛ ගහලා කරන්න ඕන දෙයක් නෙමෙයි" යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.