ජාතික පුනරුදයට පෙළගැසෙමු - 77 වන නිදහස් දිනය අදයි

ජාතික පුනරුදයට පෙළගැසෙමු - 77 වන නිදහස් දිනය අදයි
  • SocialShare:

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට(04) යෙදී තිබේ.


නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරමින් මෙවර නිදහස්දින උළෙල පැවැත් වේ. ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ. හමුදා සාමාජිකයන් 1873ක් පමණක් මෙවර උත්සවය සඳහා  සහභාගි කරවා ගැනීමට නියමිත අතර  නාවික සාම්ප්‍රදායිකව නිදහස් දින දහවල් 12.00ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් පවත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැත්වීම මෙවර ද පැවැත්වේ.

මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩි වශයෙන් සහභාගි කරවා ගැනීමට ද සැලසුම් කර තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.