දේශීය ජල තීරය ආවරණය කරමින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් මාලාවක් මඟින් නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව අප්රේල් 01 සිට 15 දක්වා මෙම මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.
මෙම මෙහෙයුම්වලදී ඩිංගි යාත්රා 11ක් සහ ට්රැක්ටර් රථ 02ක් ද නීතියේ රැහැනට හසුකරගෙන ඇත.
ත්රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිසබෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් යන වෙරළ හා මුහුදු ප්රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර, උතුරු සහ වයඹ නාවික විධාන මෙම මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්රව්ය, තහනම් ධීවර ආම්පන්න, ට්රැක්ටර් රථ සහ ධීවර යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, කින්නියා, කොඩ්බේ, ඊච්චලම්පත්තු, කලවංචිකුඩි, කිලිනෝච්චිය සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කර තිබේ.


