දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය සැප්.30 සහ ඔක්.01 යන දෙදිනේ දී

දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය සැප්.30 සහ ඔක්.01 යන දෙදිනේ දී
  • SocialShare:

දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය (Climate Action Symposium - 2025 ) මෙවර සැප්තැම්බර් මස 30 සහ ඔක්තෝම්බර් මස 01වැනිදා යන දෙදිනේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි වැව්ගම් පුබුදුව ව්‍යාපෘති අධයක්ෂ චන්දන එදිරිසූරිය මහතා පවසයි.

අධ්‍යක්ෂකවරයා මේ බව පැවසුවේ , අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අන්තර්ජාතික දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිණි.

වාරිමාර්ග අමාත්‍යංශය , UNDP ආයතනය සහ හරිත දේශගුණික අරමුදල එක් වී මෙම සමුළුව සංවිධානය කර තිබේ.

මෙම සම්මන්ත්‍රණයෙන් බලාපොරොත්තු වන්නේ ජාතික වශයෙන් කතිකාවතක් ඇති කර ගැනිමටත් හරිත දේශගුණික අරමුදල හරහා විශාල අධාර ප්‍රමාණයක් ශ්‍රි ලංකාවට ලබා ගැනිමට පවතින හැකියාව විමසීමට බවත් අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේය.

වාරිමාර්ග අමාත්‍යංශය යටතේ වැවිගම් පුබුදුව ව්‍යාපෘතිය නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් ඒ් සඳහා අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන හරිත දේශගුණික අරමුදලින් ලැබුනු අධාර මුදල් එකතු කර ඇති බවත් ඊට UNDP ආයතනත් තවත් පාර්ශවකරුවන් ගණනාවක‌ගේ අධාර මුදල් ලැබෙන බවත් අධ්‍යක්ෂකවරයා පැවසුවෙය.

මෙම ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත් මෙය හරිත දේශගුණික අරමුදල හරහා ශ්‍රි ලංකාවට ලැබුනු විශාලම අනුගුරු වීමේ ප්‍රධානය බවද හෙතෙම පෙන්වා දුන්නේය.