ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කමිටුව රැස්වේ

ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කමිටුව රැස්වේ
  • SocialShare:

ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු වූ සිදුකෙරෙමින් පවතින අතර, ඊට අදාළ කෙටුම්පත සකස් කිරීම අවසන් කර තිබේ. ඒ අනුව එම කෙටුම්පත මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ අතර, කෙටුම්පත පිළිබඳව කමිටුවේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් මූලික සාකච්ඡාවක් සිදු කෙරුණි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ පසුගියදා (29දා) එම සාකච්ඡාව සිදු කෙරුණි. ඒ අනුව කෙටුම්පත පිළිබඳව අදහස හා යෝජනා ලබා ගැනීමෙන් පසු , මෙරට පළාත් 9 තුළ වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පවත්වා, මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. මෙම මෙහෙයුම් කමිටුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය දිනිඳු සමන් හෙන්නායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වෛද්‍ය දයානාත් රණතුංග මහතා , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා තරුණ කටයුතු විෂයට සම්බන්ධ වෙනත් අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.