ජාතික සන්නිවේදනය, ඩිජිටල් පරිවර්තනය සහ මහජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම යන අරමුණු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නිල ඩිජිටල් ඒකකයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ඩිජිටල් ඒකකය මඟින් ඩිජිටල් අන්තර්ගත කළමනාකරණය, ප්‍රවෘත්ති බෙදාහැරීම, ප්‍රේක්ෂක සබඳතා පවත්වා ගැනීම සහ දත්ත විශ්ලේෂණය වැනි කාර්යයන් විධිමත් කිරීමට හැකි වේ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව උපායමාර්ගික පියවරක් ලෙස කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.


