"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අවසන්

"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ පස්වන  දිනය අවසන්
  • SocialShare:

සාම පාද යාත්‍රාවේ 5 වන දිනය අවසන් කරමින් වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු වහන්සේලා අද (26) සවස යක්කල අබේසේකරාරාම විහාරස්ථානය වෙත වැඩම කළහ.

තෝලංගමුව ජාතික පාසල් පරිශ්‍රයේ සිට වැඩම කළ උන්වහන්සේලා යක්කල නගරට වැඩම කළ අවස්ථාවේදී නගර මධ්‍යයෙහි පිහිටි බුද්ධ ප්‍රතිමාව අසලදී අබේසේකරාරාමාධිපති මීගොල්ලේ ධම්මජෝති නාහිමිපාණන් වහන්සේ , තෝරපිටියේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ සහ ආරාධිතයින් පිරිසක් විසින් පිළිගන්නා ලදී. අනතුරුව බුද්ධ ප්‍රතිමාට මල් පූජා කිරීම සිදු කොට අබේසේකරාරාම විහාරස්ථානය වෙත වැඩමවා ගෙන එනු ලැබූහ.

විශාල පිරිසක් සාධුකාර දෙමින් මග දෙපස රැස්ව සිටි අතර විහාරස්ථානයේදී පඤ්ඤාකර හිමියන් විසින් විශේෂ ධර්ම දේශනයක් ද පවත්වනු ලැබූහ. ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සදහා ද විශාල පිරිසක් එක්ව සිටියහ .

පාද යාත්‍රාවේ 6 වන දිනය වන හෙට (27) උදෑසන 6.00ට යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේ සිට කැලණිය රජ මහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය.