දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල පැවති තදබදය මේ වන විට සම්පූර්ණයෙන්ම සමනය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
මැදපෙරදිග අර්බුදය සහ පැතිර ගිය විවිධ කටකතා හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමට පෙළඹීම නිසා පසුගිය දින කිහිපයේ පිරවුම්හල් අසල පෝලිම් තත්ත්වයක් දක්නට ලැබුණු බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ඩී.ජේ. රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
සියලුම පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සිදුකරන බවත්, මේ වන විට ජනතාවට කිසිදු පමාවකින් තොරව තම අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවත් බලධාරීන් සහතික කරයි.
එසේම, පෙරේදා (01) සහ ඊයේ (02) නිවාඩු දිනවලද ඩීසල් සහ පෙට්‍රල් රැගත් බවුසර් කිහිපයක් පිරවුම්හල් වෙත පැමිණි බව පිරවුම්හල් හිමියන් සඳහන් කර ඇත. ඔවුන් පවසන්නේ, මේ වන විට ඉන්ධන හිඟයක් නොමැති අතර සාමාන්‍ය පරිදි නිකුත් කිරීම් සිදුකරන බවයි.


