ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට ගමන් කරන අතරතුර අද (11) පෙරවරුවේ එම දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාව හමුවිය.
එහිදී ජනාධිපතිවරයා වතු කම්කරුවන්ගේ තොරතුරු විමසා බලමින් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ අතර, ඔවුන් මුහුණ දෙන ගැටලු සහ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළේය.


