2026 ජාතික නිවාස වැඩසටහන එළඹෙන ජනවාරි 28 වෙනිදා ගාල්ල නගරයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
මෙම වැඩසටහන යටතේ අමාත්‍යාංශ 05ක් ඒකාබද්ධව දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි නිවාස ඉදිකෙරන අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 200කට අධික සංඛ්‍යාවකට නිවාස ඉදිකිරීම සඳහා මූල්‍යාධාර පිරිනැමීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඊයේ(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2026 වසරේ වෙන් වූ අයවැය ප්‍රතිපාදන මත, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ වන පළමු ව්‍යාපෘතිය මෙය බවද සඳහන් කළ අමාත්‍යවරයා දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බව කීය. මීට අමතරව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වෙනමම නිවාස ණය වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ.විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ද නිවාස ඉදිකිරීමේ ණය යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ප්‍රධාන නිවාස ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක වන අතර, ඉන් එක් වැඩසටහනක් යටතේ අභ්‍යන්තර අවතැන් වූවන් සඳහා නිවාස ඉදි කෙරේ. එම වැඩසටහන යටතේ යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරීමේ වැඩසටහන පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය චාවකච්චේරියේදී ආරම්භ විය.
ඒ අනුව මෙම සියලු වැඩසටහන්වලින් 2026 වසරේ රට පුරා නව නිවාස 31,218 ඉදිකිරීමට සැලසුම් කර තිබේ.


