නිරීක්ෂණයෙන් දැනුම ලබා ගැනීම නව අධ්‍යාපන ක්‍රමයේ පදනමයි

නිරීක්ෂණයෙන් දැනුම ලබා ගැනීම නව අධ්‍යාපන ක්‍රමයේ පදනමයි
  • SocialShare:

අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ වන්නේ නිරීක්ෂණ පදනම් කරගෙන බවත් දැනට පවතින දැනුම ආශ්‍රයෙන් යම් දේවල් නිරීක්ෂණය කළ හැකි අතර සමහර දේ නොහැකි බවත් එම අත්දැකීම් ඇසුරෙන් දරුවන් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වන බවත් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විද්‍යා විෂයට අදාළ මොඩියුයේ පවතින ගැටලුවක් පිළීබඳව මාධ්‍යවේදියකු යොමු කළ ගැටලුවට පිළිතුර ලබා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ දරුවගේ නිරීක්ෂණය හැකියාවන් සංවර්ධනය කිරීම සඳහා මෙම මොඩියුල නිර්මාණය කර ඇති බවයි.
එහිදී අවකාශයේ පවතින වායු වර්ග පිළිබඳව දරුවාට නිරීක්ෂණය නොවීම ගැටලුවක් නොවන බව පෙන්වා දුන් ඒ මහතා පන්ති කාමරයේදී එම නිරීක්ෂණයන් විද්‍යාත්මකව පහදා දීමට දරුවාගේ නිරීක්ෂණයන් පදනම සපයන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ආරම්භයේදී අවකාශයේ සතු දැනුම භාවිතයට ගන්නා දරුවා පන්ති කාමරය තුළදී නව දැනුමක් ලබා ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම නව අධ්‍යාපන ක්‍රමයේ නව ප්‍රවණතාවක් බව සඳහන් කළේය.
දරුවා තර්කානුකූලව ඉගෙනීම් ක්‍රියාවලියක ගමන් කිරීම මෙම නව ක්‍රමයේ පදනම බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.