මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (19) සහ 22 වන සඳුදා දින මධ්‍යම පළාතේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
පවතින අවදානම් තත්ත්වය මත දරුවන්, අචාර්යය මණ්ඩල සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසල් වෙත පැමිණීමේ දුෂ්කරතා අවම කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ අනුමැතිය මත පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණයට එළැඹ තිබේ.
ඒ අනුව 19 සහ 22 වන දින මධ්‍යම පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යපන අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව තීරණය කොට ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


