රාජ්‍ය රූපවාහිනි සම්මාන ප්‍රදානය දෙසැම්බර් මස 22 සහ 23 වැනි දෙදින ජාතික කෞතුගාරයේ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස්.දිල්හානි මහත්මිය පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඇය මේ බව සදහන් කළාය.
මෙම සම්මාන ප්‍රදානය 2021 වර්ෂයේ සිට විවිධ හේතු නිසා පැවත්වීමට නොහැකි වූ බව පවසන අධ්‍යක්ෂවරිය මෙම වසරේ එම පසුගිය වසර සඳහාද සම්මාන ප්‍රදානය කෙරෙන බව පැවසුවාය.
ඒ අනුව දෙසැම්බර් මස 22 වැනිදා 2021, 2022,2023,2024 වර්ෂයන් සඳහා ද දෙසැම්බර් මස 23 වැනිදා 2025 වර්ෂය සඳහාද සම්මාන ප්‍රදානය කෙරේ.
රූපවාහිනී ක්ෂේත්‍රයේ නිර්මාණයන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානයේ අරමුණ බව සඳහන් කළ අධ්‍යක්ෂවරිය අංශ 20ක් යටතේ සම්මානයන් ප්‍රදානය කරන බවද ඇය සඳහන් කළාය.
මෙම සම්මාන ප්‍රදානය සඳහා භාණ්ඩාගාරය වෙන් කළ මුදල් අවම වශයෙන් භාවිත කරමින් සම්මාන උළෙලක් ලෙස මෙය නොපවත්වා ඒ සඳහා වැඩිපුර වැයවන මුදල ආපදා අරමුදලට බැර කිරීමට නැවත භාණ්ඩාගාරයට ලබා දෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එසේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , රාජ්‍ය රූපවාහිනී අනු මණ්ඩලය , ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය එක්ව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කරන බවද දිල්හානි මහත්මිය එහිදී පැවසුවාය.


