ගෝලීය වශයෙන් සිදුවන වන විනාශය සහ වන විනාශයට සම්බන්ධ නිෂ්පාදන ආනයනය සහ අපනයනය වැළැක්වීම අරමුණු කර ගනිමින් යුරෝපා සංගමය විසින් ඔවුන්ගේ සාමාජික රටවල් වෙත රබර් ආශ්‍රිත නිෂ්පාදන හා රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය අපනයනනය කිරීමේදී අනුගමනය කළ යුතු රෙගුලාසි (EUDR) හඳුන්වා දී ඇත.
රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වගා කරන ප්‍රදේශ නිවැරදිව සිතියම්ගත කිරීම මෙහි ප්‍රධානතම අවශ්‍යතාවයයි.
ඒ සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙල යටතේ 2025 වසර තුලදී සියළු කුඩා රබර් ඉඩම්වල භූ ඛණ්ඩාංක ලබා ගැනීමට බලාපොරොත්තු වේ.
මෙම ඉඩම් සිතියම්ගත කිරීමේ කටයුතුවලින් පසුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව QR කේතයක් ගොවීන් වෙත අය කිරීමකින් තොරව නිකුත් කරන අතර, රබර් නිෂ්පාදන වෙළඳුන් වෙත විකිණීමේදී ගොවීන් විසින් මෙම QR කේතයේ ඇතුලත් තොරතුරුද වෙළඳුන් වෙත සැපයිය අනිවාර්ය වේ.
ඒ අනුව රබර් ඉඩම් මැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් ක්ෂේත්‍රය වෙත පැමිණීමේදී කුඩා වතු හිමියන් වෙත කැඳවීමක් ලද විට. වතු හිමියන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේන අතර එම අවස්ථාවේ දී ඉඩම් හඳුනා ගැනීමේ පහසුව සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද රබර් සිටුවීමේ බලපත්‍රය, ඉඩමේ ඔප්පු හෝ වෙනත් නෛතික ලියකියවිලි හා ඉඩමේ සැලැස්ම / පිඹුර ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉල්ලිමක් සිදු කරයි.


