පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම
  • SocialShare:

2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇත.

එහෙත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.