මෙවර ඔක්තෝම්බර් 01 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) ජරයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ලෝක වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
අපේ රටේ එන්න එන්නම වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් පවතින බව පෙනීයන බව පැවසූ අමාත්‍යවරයා එමනිසා රජයක් හැටියටත්, සංවිධාන සහ ආයතන හැටියටද වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අවධාරණය කළේය.
ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩ පිළිවෙල තුළ මෙරට වැඩිහිටි ජනගහනයට ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට වැඩසටහන් ගණනාවක් සැලසුම් කර ඇතැයිද සදහන් කළේය.
එම වැඩසටහන් අතර වැඩිහිටියන්ට සක්‍රීයව තම ජීවන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සංවිධානගත වීමටත්, සමිති සමාගම් පැවැත්වීමටද ඒවාට අවැසි මූල්‍යමය සහාය ලබාදීමටද කටයුතු සූදානම් කළ බවද පැවසුවේය. අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන්ට විශේෂයෙන්ම එනම් සක්‍රීය ලෙස ශ්‍රම දායකත්වය ලබාදිය නොහැකි අයට ලබාදෙන ආධාර මුදල ඉහළ දැමූ බවද අවධාරණය කළේය.
මෙම රජය බලයට පත් වන විට අට ලක්ෂ පනස් දහසකට පමණ පිරිසකට රුපියල් තුන්දහසක ආධාර මුදලක් ලබාදුන් බවද වත්මන් රජය ප්‍රමාණාත්මකව මෙම අට ලක්ෂ පනස් දහස ලස්ඛ දහය දක්වා වැඩි කර රුපියල් 3000 ක දීමනාව රුපියල් 5000 දක්වා වැඩිකර මූල්‍යාධාර ලබාදීමද වැඩිකර ඇතැයි සදහන් කළේය.
සාම්ප්‍රධායිකව මෙරට පැවති විස්කෘත පවුල තුළ වැඩිහිටියන් රැකබලා ගැනීම සිදු වුවද බොහෝ විට වර්තමානයේ හමුවන න්‍යෂ්ටික පවුල් තුළ වැඩිහිටියන්ට පවුල තුළ රැකවරණය අහිමි වී ඇතැයිද එමනිසා ආයතනගතව වැඩිහිටියන් රැකබලා ගැනීමේ වැඩසටහන් වලට අමාත්‍යංශයක් ලෙස මැදිහත් වන බවද පැවසුවේය.
ඒ අනූව වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන වලට අවශ්‍ය පහසුකම් සැලසීමද රජය මගින් වැඩිහිටියන් රැකබලා ගැනීමේ වෙනමම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වැඩසටහන්ද දියත් කර ඇතැයි අවධාරණය කළේය.
අප රටේ තවමත් වැඩිහිටියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ 2000 වර්ෂයේදී සම්මත කළ පනතක් බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිහිටියන් සම්බන්ධව අවශ්‍ය නීති රීති සකස් කිරීමට රජය මැදිහත් වී ඇතැයිද ඒ අනූව මේ වන විට වැඩිහිටියන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් තහවුරු කිරීම සදහා නව පනතක් සකස් කරමින් යන බවද පැවසුවේය.
පසුගිය මාස කිහිපයේදී රජය විසින් වැඩිහිටියන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ බවද එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතැයිද, එළඹෙන ඔක්තෝබර් පළවෙනිදා එනම් ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී මෙම ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.


