මත්ද්‍රව්‍ය සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ව­ලට ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් සම්බන්ධ බවට තොර­තුරු - මහ­ජන ආර­ක්ෂක ඇමති

මත්ද්‍රව්‍ය සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ව­ලට ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් සම්බන්ධ බවට තොර­තුරු  - මහ­ජන ආර­ක්ෂක ඇමති
  • SocialShare:
මත්ද්රව්ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

 

 

ඊයේ (22) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා  මේ බව පැවසීය, මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත ඒ බව අනාවරණය වෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය
පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, තංගල්ලේ දී විශාල මත්ද්‍රව්‍ය වැටලීම් තුනක් අද දිනයේ දී සිදුකර ඇති බව ද පැවසීය.
"අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා."
පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සහ අනෙක් පාතාල අපරාධකරුවන්ගෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය