යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි සී නෝර් බෝට්ටු අලුත්වැඩියා යාත්ත්‍රාංගණය සියලු පහසුකම් සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (18) ආරම්භ විය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලදී.
උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සී නෝර් සමාගමේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සී නෝර් බෝට්ටු අලුත්වැඩියා අංගනය දිගු කලක් අක්‍රියව පැවතුනි. මේ හේතුවෙන් ධීවරයින් බෝට්ටු අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියහ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් වෙත ද ඉල්ලීමක් කරන ලදී.
මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දීය රජයේ ආධාර ද ඇතුලුව රුපියල් මිලියන 330 ක් යොදවමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.


