2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
  • SocialShare:

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

2025 සිසු හෙද පුහුණුවවට බඳවා ගැනීම සඳහා මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල මහනුවර හෙද විදුහලේ දී පැවැත්වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ පුද්ගලයින් පමණි.