දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේ ප්‍රගති සමාලෝචනයට ජාතික සැසියක්

දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේ ප්‍රගති සමාලෝචනයට ජාතික සැසියක්
  • SocialShare:

"දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිඥාවන් හි ප්‍රගති සමාලෝචනය කිරීමේ ජාතික සැසිය - 2025" පසුගිය දා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

2024 වර්ෂයේ නොවැම්බර් 07 සහ 08 දිනවල කොළොම්බියාවේ බොගෝටා හි පැවති, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ  පළමු ගෝලීය අමාත්‍ය සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 119 කින් නියෝජිතයන් 1400කට අධික සංඛ්‍යාවක් සමඟ ශ්‍රී ලංකාව ද එක්විය.

එහි දී ශ්‍රී ලංකාව විසින් සියලු දරුවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රටේ කැපවීම පිළිබිඹු කරන වැදගත් ප්‍රතිඥා මාලාවක් ලබාදෙන ලදී.

▪️ආරක්ෂිත පාසල් බිහි කිරීම

▪️සමාජ සේවා ප්‍රතිචාරය ශක්තිමත් කිරීම

▪️දිවි ගලවා ගත් අය සඳහා ළමා සංවේදී සේවා

▪️ශාරීරික දණ්ඩනය තහනම් කිරීම

2025 වර්ශයේ අගෝස්තු මස අවසානය වන විට ඉහත ප්‍රතිඥා ඉටුකිරීම කෙරෙහි ශ්‍රී ලංකාවේ වගකිව යුතු පාර්ශව ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර පාර්ශවරුවන් සහ සිවිල් සංවිධාන වෙත ඉදිරිපත් කිරීම සහ ඒවා හි වර්තමාන ප්‍රගතිය සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම සැසිය සංවිදානය කර තිබිණි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසියට පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරනු ලබන නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) නියෝජනය කරමින් එහි ළමා ආරක්ෂන ප්‍රධානී Teona Aslanishvili මහත්මිය ප්‍රමුඛ නියෝජිතයින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO),ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය (SLRCS), CERI, Stop Child Cruelty Trust, Sisterhood Initiative, SERVE, OECRP, JSAC, World Vision, PEACE, Leads, Generation Never Give up (GNG), සර්වෝදය සුවසෙත,SoS ළමා ගම්මාන ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගීව සිටියහ.