තරුණ තරුණියන් සඳහා" නැෂනල් යූත් ඇප්" මෙම වසරේ එළි දැක්වේ - තරුණ සේවා සභාවේ සභාපති

තරුණ තරුණියන් සඳහා" නැෂනල් යූත් ඇප්" මෙම වසරේ එළි දැක්වේ - තරුණ සේවා සභාවේ සභාපති
  • SocialShare:

රටේ සංවර්ධනයට තරුණ තරුණියන් දායක කර ගැනීම සඳහා,තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැකි සාම්ප්‍රදායික නොවන නව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්,   " නැෂනල් යූත් ඇප්"  නමින්  තරුණ තරුණියන් සඳහා නව ඔන්ලයින් ඇප් එකක් මෙම වසරේ එළි දැක්වීමට බලාපොරොත්තු වන බව  ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ/ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.

අද(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

වර්තමාන තරුණ්‍යයට ගැළපෙන ආකාරයට තරුණ සේවා  සභාවේ ක්‍රියාවන් නවීකරණය කරමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙවර පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් නව ක්‍රීඩා ඉසව් 03ක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ

තාක්ෂණයෙන් ඉදිරියට යන තරුණ තරුණියන් සඳහා හවසට IT නමින් නව ව්‍යාපෘතියක් සැලසුම් කර ඇතැයිද කීය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් ට එකතුවීමට මල්ටි මොඩල් සෙන්ටර්ස් නමින් මධ්‍යස්ථාන හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද කීය.

රටේ සංවර්ධනයට තරුණ තරුණියන් දායක කර ගැනීම සඳහා ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව මේ වන විට කටයුතු කරමින් සිටින බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.