රුපියල් 70 ක් මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවි කිරීම සම්බන්ධව වරද පිලිගත් වරාය නගරයේ බීච් ප්ලාසාහි පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) මගින් ඊයේ (20) නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් පසුගියදා (16) කොළඹ වරාය නගරයේ පිහිටි බීච් ප්ලාසාහි වෙළඳසැල් පරීක්ෂා කළ අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.
2025.04.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 2430/15 සහ අංක 93 නියෝගය අනුව මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70 ක් ලෙස නියම කර ඇත. ඒ අනුව එය, රු. 200කට අලෙවි කිරීම 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ වරදක් වේ.


