ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (08) යෙදී තිබේ.
පෙරවස් එළැඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලාට පසුවස් සමාදන්වීමට නියමිතව ඇත්තේ මෙම පුන් පොහෝ දිනයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත් රජුගේ අනුග්‍රහයෙන් හා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමේ කාර්යය ආරම්භ වූයේ නිකිණි පුන් පෝදාය. බුද්ධෝපස්ථායක ආනන්ද හිමියන් රහත් වන්නේද නිකිණි පෝදාය.


