මැදපෙරදිග තත්ත්වය ගැන අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

මැදපෙරදිග තත්ත්වය ගැන අධ්‍යනයට  අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
  • SocialShare:

මැදපෙරදිග කලාපයේ මේ වන විට උද්ගතව ඇති උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග සම්බන්ධයෙන් පූර්ව සූදානමක් පැවතීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සිය අවධානය යොමු කළ බව  කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක් විය හැකි සියලු ක්ෂේත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සමාලෝචනයන් සිදු කර, අමාත්‍ය මණ්ඩලය වෙත අවස්ථානුකූලව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත්ට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටත්, එම අනුකමිටුවට සහාය වීම පිණිස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

පහත සංයුතියෙන් යුත් අනුකමිටුවක් මේ සඳහා පත්කර ඇත.


* ගරු විජිත හේරත් මැතිතුමා
  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය - (සභාපති).

* ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමා
  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය.

* ගරු වසන්ත සමරසිංහ මැතිතුමා
  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය.

* ගරු (ඉංජිනේරු) කුමාර ජයකොඩි මැතිතුමා
  බලශක්ති අමාත්‍ය.