කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය තවත් පුළුල් වෙයි

කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය තවත් පුළුල් වෙයි
  • SocialShare:

කන්කසන්තුරෙයි දුම්රිය මාර්ගය, කන්කසන්තුරයේ ඉදිවන කර්මාන්තපුරය දක්වා දීර්ඝ කිරීමට කටයුුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) එම දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමෙන් මගී ජනතාවට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වැඩි පහසුකම් සැළසෙන බවත් ඊයේ සිට භාණ්ඩ ප්වාහන කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම යාපනය පළාලි ගුවන්තොටුපොළ දක්වා සහ සියලු මාර්ග මේ වනවිට විවෘත කර ඇති බවත් ඒ නිසා මඟී ජනතාවට ප්‍රවාහන පහසුකම් විධිමත් පරිදි ඉටුකිරීම සඳහා දුම්රිය සේවාව මෙන්ම බස් සේවාව ද ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒම වැදගත් බව ද ඒ සඳහා කඩිනමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කන්කසන්තුරෙයි සිට දුම්රිය මාර්ගය දිගු කිරීමෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා අවස්ථාව සැලසෙන බවත් වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනයට ඉඩ සැලසෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නිරීක්ෂණය සඳහා රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ද සහභාගී වූ අතර දුම්රිය ස්ථානයේ රුක් රෝපණය කිරීමත් පුස්තකාලය විවෘත කිරීමත් එහිදී සිදුකෙරිනි.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගි විය