කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 2026 වසරේ මාර්තු මස වනවිට අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ එම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණයට පසුගියදා එක්වෙමිනි.
ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් ලෙස ආරම්භ වන මෙම ව්‍යාපෘතිය ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 300 ක් පමණ වේ. 2019 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය ආර්ථික අර්බුදයත් සමග පමාවී මේ වන විට අවසාන අදියරට පැමිණ ඇත.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් K. W. කන්ඩම්බි මහතා, CCECC සමාගමේ ව්‍යාපෘති භාර නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන් එක් විය.