මාතර වෙහෙරහේන රජමහා විහාරාධිවාසි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන්ට දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමයි

මාතර වෙහෙරහේන රජමහා විහාරාධිවාසි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන්ට දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමයි
  • SocialShare:

මාතර වෙහෙරහේන රජමහා විහාරාධිවාසි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන් වෙත දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් වන පිළිගැනීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී අද (08) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසුවාය.

සියම් මහා නිකායේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි, සාමග්‍රිධර්ම මහා සංඝ සභාව මගින්, පූජ්‍ය මාපලගම බුද්ධසිරි, නායක ස්වාමීන් වහන්සේට, දක්ෂිණ ලංකාවේ, උප ප්‍රධාන සංඝනායක පදවිය, පිරිනැමීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා.

කරුණාව, දයාව, සමාජ සාධාරණත්වය අගය කරන සමාජයක් වෙනුවෙන් දේශියවත්, විදේශීයවත් ධර්මදූත සේවාවන්හි නිරත වෙමින් ශාසනික මෙහෙවරෙහි යෙදී සිටින, පූජ්‍ය මාපලගම බුද්ධසිරි ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා අපේ රජය මහත් ගෞරවයෙන් පිළිගන්නා බවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

අවසාන වශයෙන් දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ ගෞරවනීය පුජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසී, තවදුරටත් අප සමාජයට රටට හා සමස්ත ලෝක වාසීන්ටම විශාල සේවාවක් කිරීමට හැකි වේවායි! ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත ඉත්තැපානේ ධම්මාලංකාර නාහිමි, දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු, සම්භාවනීය ගිහි පැවිදි ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.