ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදයි
  • SocialShare:

මිහිකත අපගේ හුස්මපොද පරිසරයයි.ජගත්,පරිසර දිනය ලෙස හදුන්වන්නේ පරිසරයේ ඇති වැදගත්කම දැනුවත්කිරීම සදහා වූ දිනයකි.සොබාදහම කෙතරම් සොදුරුද?ගංගා ඇලදොල,සතා සිව්පාවා සහ අපට හුස්ම,ජීවය එකතුකරන වායුව ද සොබාදහම් මවට අයත් වේ.


ඇතැමෙක් සොබාදහම තම පන සේ සලකා ආදරේ කරන,අතර ඇතමෙක් සොබා,දහම විනාශකිරීමට උත්සාහ ගනී.
1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින "ජගත් පරිසර දිනය " ප්‍රකාශයට පත්කරන ලදී.පරිසරයට ආදරය කරන්නාට පරිසරය පෙරලා ආදරය කරයි.බුදුරජාණන් වහන්සේද දේශනාකරන,ලද්දේ පරිසරය හා මිනිසා අතර ඇති බැදීම,පිලිබදවයි .
ලෝක පරිසර දිනය අප සැමගෙන් ඉල්ලා සිටින්නේ අපගේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරන ලෙසයි. ගසට පොත්ත මෙන් බැදි මිනිසාට ලගම හිතවතා සොබාදහම බව නොරහසකි.ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම මිලියන 7 ක ජනතාවක් වායු දූෂණයට සම්බන්ධ හේතු නිසා මිය යන අතර බහුතරයක් ආසියා-පැසිෆික් කලාපයේ සිදු වේ.
රුක් රෝපණ වැඩසටහන්,තිරසාර සංවර්ධන ව්‍යාපෘති , පෘථිවියේ සුරක්ෂිත කිරීම සදහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන් ,සහ දේශගුණික විපර්යාස ගැටළු පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම කල යුතුවේ.
එමෙන්ම ලොව පුරා ජූනි 5 ලෝක,පරිසර දිනය මුල් කරගෙන පරිසර ප්‍රදර්ශන, සිතුවම් තරඟ, විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සිසුන් සඳහා පුහුණු වැඩසටහන්, පුනර්ජනනීය බලශක්ති උපාංග පිලිබදව, වනජීවී සංරක්ෂණය, වැසි ජලය රැස් කිරීමේ පද්ධති, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිත ක්‍රියාවලීන් ,, ජෛව හායනයට ලක්විය හැකි අපද්‍රව්‍ය, පරිසර හිතකාමී යටිතල පහසුකම් සහ බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ දැනුවත් කිරීම් සහ ස්වභාවික සම්පත් සුරැකීම පිළිබඳ වාද විවාද ග්‍රාමීය,නාගරික ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වේ.
වර්තමානයේදී,
විවිධාකාරයෙන් වර්ධනය වන නොයෙකුත් රෝග වල උත්පත්තියේ උල්පත වන්නේ පරිසර විනාශයයි.කිසිදු තැකීමකින් තොරව පරිසරයට මුදා හරින පොලිතීන් ටින් කැබලි ඇතුලු නොයෙකුත් අපද්‍රව්‍ය නිසා ඩෙංගු,බරවා, කොලරාව,ආදී බොහෝ රෝග සමාජ තුල පැතිරී අවසානයි.හොදම උදාහරණය රටක් වෙලා ගත් කොරෝනා වයිරසයයි
දැනට ලොකය පුරා සීඝ්‍ර ලෙසින් ඔක්සිජන් වෙළඳාම පැතිර යාමෙන් පෙන්නුම් කරන්නේ මිනිසාට ආග්‍රහනය කිරීමට තරම් සුදුසු වාතාර්ශයක් ලබා ගැනීමට තරම් පවත්නා පරිසරය තුලින් නොහැකි වී ඇති බවයි .කෘතීම ඔක්සිජන් නිපදවාගැනීමට මිනිසුන් පෙලඹුනත් සොබාදහමෙන් ලැබෙන ඔක්සිජන් ලබා ගැනීමටවත් මිනිසුන්ට අගයක් නොමැත.පරිසරය රැකුනොත් මුලු ලෝක සත්වයාම ආරක්ෂා වේ .පරිසරයේ සුන්දරත්වය එලෙසම,ආරක්ෂා කරගැනීම සහ අනාගත පරපුරක් උදෙසා දායාද කිරීම අප සතු යුතුකමකි.මව හා දරුවා අතර ඇති බැදීම මෙන් පරිසරය හා මිනිසා අතර ඇති බැදීම තිබිය යුතුය.පරිසරය අප ප්‍රාණයයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.