2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් 04 සහ 05

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් 04 සහ 05
  • SocialShare:

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම - 2025 සඳහා දකුණු පළාතේ දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල් වල දී පැවැත්වේ.

සිසු හෙද පුහුණුවවට බඳවා ගැනීම - 2025 සඳහා ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල බදුල්ල හෙද විදුහලේ දී පැවැත්වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළපුද්ගලයින් පමණි.