කෘෂිකාර්මික බෝග හානි සිදුකරන වනජීවින් පිළිබඳ ජාතික සංගණනය හෙට

කෘෂිකාර්මික බෝග හානි සිදුකරන වනජීවින් පිළිබඳ ජාතික සංගණනය හෙට
  • SocialShare:

බෝග වලට හානි සිදුකරන වනජීවින් පිළිබඳ ජාතික සංගණනය  හෙට(15) පෙ.ව 8.00ත් 8.05 අතර  දීපව්‍යාප්තව පැවැත්වීමට සැලසුම් කර ඇත. එහිදී වඳුරන් ,රිලුන්, දඩු  ලේනුන් හා මොණරුන් සංඛ්‍යාව හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ.

වර්තමානයේ වනජීවින් විසින් කරනු ලබන බෝග හානි හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත්ය සැලකිය යුතු අභියෝගයකට මුහුණ දී සිටියි.

මෙම බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධන වනසතුන් ලෙස අලි ඇතුන්, වල් ඌරන් , වඳුරන්, රිලවුන් , දඩු ලේනුන් හා මොණරුන් හඳුනාගෙන ඇත. 

හෙට (15)  ඔබගේ ෙගෙවත්තේ වගාබිමේ , පාසලේ, සිද්ධස්ථායේ,ආයතයේ රැඳී සිටින වඳුරන් ,රිලවුන් දඩුලේනුන් හා මොණරුන් සංඛ්‍යාව ගනණය කර සංගණන පත්‍රිකාවේ සටහන් කර ඔබ ප්‍රදේශයේ ග්‍රාම  නිලධාරීවරයාට හෝ ආර්ථික  සංවර්ධන නිලධාරීවරයාට හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට හෝ කෘෂිකර්ම පරයේෂණ නිෂ්පාදන සහකාරවරයාට ලබාදෙන  ලෙස කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

 කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය 2 page 00021

කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය 2 page 00031