මහජනතාවට සේවා සහපයන මෝටර්රථ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ,ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුවී තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා පසුගියදා නාරාහේන්පිට පිහිට ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ කාර්යභාරයන් පිළිබඳවද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.
ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉක්මනින්ම ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක්
මෙම අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු නිකුත් කිරීමේ අංශය නිරීක්ෂණය කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ සේවාලාභින් බොහෝ පිරිසක් තම නව අංක තහඩු නැවත රැගෙන ගොස් නොමැතිව එම ආයතනය තුළ ගොඩ ගැසී ඇති
ආකාරය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුවිය. අංක තහඩුව මුද්‍රණය වී අදාල අංශය වෙත ලැබුණු පසු සේවා ලාභියාට එය දැනගත හැකි වන පරිදි sms පණිවිඩයක් සේවාලාභියාගේ දුරකථනයට යොමු කිරීම සඳහා එහිදී සාකච්ඡා වුණි.