මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය අගමැතිනියගේ සභාපතිත්වයෙන් රැස්වෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය අගමැතිනියගේ සභාපතිත්වයෙන් රැස්වෙයි
  • SocialShare:

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම එහි සභාපති අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ඊයේ(30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කළයුතු ඉදිරි වැ⁣ඩ කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු විය. ගිණුම් සකස් කිරීම සහ කඩිනමින් විගණන කටයුතු සිදුකිරීම, සේවා අවශ්‍යතා හදුනා ගනිමින් අනුමත පුරප්පාඩු අනුව පුරප්පාඩු පිරවීම, අවශ්‍යතා අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සඳහා  පුහුණු අවස්ථා ලබාදීම, සංස්කෘතික උරුමයන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා පහසුකම් සහ සනීපාරක්ෂාව සැපයීම පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

සංවර්ධනය වෙමින් පවතින සංචාරක ⁣ක්ෂේත්‍රය තුළ සංචාරකයින් සඳහා ගුණාත්මක සේවාවක් ලබා දීමත්, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීමත් ඇතුළු කාරණා පිළිබඳ අදාළ ආයතන සමග ඉදිරියේදී  සාකච්ඡා කිරීමටද මෙහිදී එකඟතාවය පළ කෙරිණ.

මෙම අවස්ථාවට සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක,අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිලන් කුරේ යන මහත්වරුන් ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.