ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යශෙයෙන් සැලසුම්

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යශෙයෙන් සැලසුම්
  • SocialShare:

ගුණාත්මක තත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රාජ්‍ය අංශයට සැපයීමත් එම ඖෂධ සාධාරණ මිල ගණන් යටතේ විවෘත වෙළඳපළට අඛණ්ඩව ලබා දීමත් ඉතාමත් වගකීමක් සහිතව ඉටුකිරීම සදහා ගතයුතු සියලු පියවරයන් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැපවී ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුයේ පසුගිය දා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ය. එම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම මෙන් ම සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත වෙළදපොළට ලබාදීමේ කටයුතුවලට මග පෙන්වීමේ ප්‍රමුඛ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව වෙත පැවරෙන බව ද පැවසීය.

මෙරට තුළ භාවිතා කරන ඖෂධවල යම් ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තුළ නිෂ්පාදනය කරණු ලබන අතර ඉතිරි ඖෂධ විදේශයෙන් ආනයනය කරන බවත්, එම ගෙන්වනු ලබන සමහර ඖෂධ වලින් ඖෂධ සමාගම් අසීමිත ලෙස ලාභ ඉපැයූ බව ද මෙම කමිටු රැස්වීමේ දී අනාවරණය විය. එමෙන් ම ඖෂධ මාෆියාවක් සමහර අවස්ථාවන්වල දී මෙරට තුළ ක්‍රියාත්මක වී තිබූ බව ද මෙහි දී කමිටු සාමාජිකයින් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද මෙන් ම තම වෘත්තීය පිළිබඳ හසල දැනීමක් ඇති විද්වතුන් මෙම කමිටු දෙකෙහි සාමාජිකයන් ලෙස පත්කිරීමට කටයුතු කිරීමේ මූලික අරමුණ මින් ඉදිරියට එවැනි අනිසි කටයුතු ඖෂධ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වීමට කිසිදු ඉඩක් නොතිබීම බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ පිළිබඳව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස ද නව කමිටු සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.