ගාල්ල උඩුගම මූලික රෝහලේ ඉදිකරණ ලද අපජල හා මළාපවාහන පිරිසිදු කිරීමේ පද්ධතිය සහ නව වෛද්‍ය නේවාසිකාගාරය ජනතා අයිතියට පත් කිරීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරණි.
මීටර් කියුබ් 120ක පමණ ධාරිතාවයෙන් යුතු මෙම පද්ධතිය නවීන තාක්ෂණය යොදා ගනිමින් ඩයිකි ඇක්සිස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. රේඛීය අමාත්‍යංශය මගින් මේ සඳහා ලබා දුන් මුදල රු.83738249.80 කි.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “සෞඛ්‍ය කියන විෂය අත්හැරිය නොහැකි එකක්. උඩුගම රෝහල අලුත් යෝධයෙක් වගේ අලු ගසා නැගිටින්න හදන තැනක්. මෙයට අපි පළාත් සභාවෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. වතුර නැතිව අපි කාටවත් ජීවත් වෙන්න බෑ. අපි ඉතාම ඉක්මනින් මේ රෝහලේ ජල ප්රශ්නය විසඳලා දෙන්න කටයුතු කරනවා. විවේකය කියන්නේ අපේ ශරීරයට ඉතා අවශ්‍ය දෙයක්. විවේකයට පිළිසඳර ඕන. දෙදෙනෙක් විවේක ගන්න විට පිළිසඳරක යෙදෙන්න අවස්ථාව තියනවා. ලෝකෙ බොහෝ වෙනස්කම් ආවෙ පිළිසඳර නිසා. රෝහලේ වෛද්‍යවරුන්ට තම රාජකාරි කටයුතුවලින් පසුව විවේක ගන්න අලුතින් විවෘත කරපු මේ විවේකාගාරව වැදගත් වේවි. ”
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී.බී.විමලසේන, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, රෝහලේ වෛද්‍ය අධිකාරී කේ.තර්ෂනන් යන මහත්වරුන් සහ රෝහල් කමිටුවේ සභාපති ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් සහභාගි වී සිටියහ.