මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද (17) ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම්  අද (17) ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
  • SocialShare:

මධ්‍යම අධි­වේගී මාර්ගයේ කඩ­වත අන්තර් හුව­මා­රුවේ සිට මීරි­ගම දක්වා වැඩ නැවතී ඇති කොට­සෙහි ඉදි­කි­රීම් කට­යුතු ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (17)  පෙරවරුවේ ආරම්භ කෙරේ.

ආර­ම්භය සහ කිලෝ­මී­ටර් 37ක දුරින් යුත් පළමු අදි­ය­රෙහි වැඩ කට­යුතු මෙසේ නැවත ආරම්භ වන අතර මේ ව්‍යාපෘ­තිය සඳහා මහා භාණ්ඩා­ගා­ර­යෙන් සහ චීනයේ එක්සිම් බැංකු­වෙහි සහන ණය යටතේ රුපි­යල් බිලි­යන 229ක පමණ මුද­ලක් වැය කෙරේ. මෙහි ඉදි­කි­රීම් කට­යුතු 2028 සැප්තැ­ම්බර් මාසයේ දී අව­සන් කිරී­මට සැල­සුම් කොට ඇත.