ආපදා තත්ත්වයෙන් පසු දිවයින පුරා පළාත් 06ක පාසැල් අද(16) සිට සම්පූර්ණයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. ඉතිරි පළාත් 03න් පාසැල් 640ක් විවෘත කිරීමට නොහැකි බවට එම පළාත් බලධාරින් දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසීය.
පසු¬ගිය දින¬යන්හි පැවැති අය¬හ¬පත් කාල¬ගු¬ණික තත්ත්වය හේතු¬වෙන් දෙසැ¬ම්බර් 08 වැනිදා ආරම්භ කිරී¬මට තිබූ පාසල් 16 වැනිදා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ අතර, බස්නා¬හිර, දකුණ, උතුර, නැඟෙ¬න¬හිර, සබ¬ර¬ග¬මුව, උතුරු මැද පිහිටි සියලු පාසල් අද ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වැලි¬මඩ කලා¬පයේ පාසල් 5ක්, බණ්ඩා¬ර¬වෙල කලා¬පයේ පාසල් 3ක්, බදුල්ල කලා¬පයේ පාසල් 7ක්, පස්සර කලා¬පයේ පාසල් 5ක්, විය¬ලුව කලා¬පයේ පාසල් 6 ක් වශ¬යෙන් ඌව පළාතේ පාසල් 26ක් ද, මහව කලා¬පයේ 1ක්, ඉබ්බා¬ග¬මුව කලා¬පයේ 5ක් වශ¬යෙන් වයඹ පළාතේ පාසල් 6ක් ද, මහ¬නු¬වර කලා¬පයේ පාසල් 4ක්, දෙනු¬වර කලා¬පයේ පාසල් 8ක්, ගම්පොළ කලා¬පයේ පාසල් 8ක්, වල¬පනේ කලා¬පයේ පාසල් 7ක්, හඟු¬ර¬න්කෙත කලා-පයේ පාසල් 15ක්, කොත්මලේ කලා¬පයේ පාසල් 17ක්, මාතලේ කලා¬පයේ පාසල් 38ක්, නාඋල කලා¬පයේ පාසල් 3ක්, නුව¬ර¬එ¬ළිය කලා¬පයේ පාසල් 15ක් වශ¬යෙන් මධ්‍යම පළාතේ පාසල් 115ක් ද මේ මස 16 වැනිදා ආරම්භ කිරී¬මට නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.


