අභිනව අස්ගිරි අනුනාහිමිට අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය‍ උත්සවය අද(03) ඓතිහාසික මඟුල්මඩුවේදී

අභිනව අස්ගිරි අනුනාහිමිට අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය‍ උත්සවය අද(03) ඓතිහාසික මඟුල්මඩුවේදී
  • SocialShare:

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරය සඳහා තේරිපත් වූ අස්ගිරි මහා විහාර පාර්ශවයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහා විහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වහන්සේට අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවය අද(03) පස්වරු 2 ට මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත් වේ.

ත්‍රෛයි නිකායික ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම රාජ්‍ය උත්සවය පැවැත් වේ.

උත්සවය සඳහා දෙස් විදෙස් ගිහි පැවිදි ආරාධිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත අතර, ඒ සඳහා මඟුල් මඩුව පරිශ්‍රයට සමගාමීව විශේෂ පීඨිකාවක් ද ස්ථාපිත කර තිබේ.